fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව ආනයනය කළ කුරුල්ලන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 13:47

නීතිවිරෝධීව ආනයනය කළ කුරුල්ලන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව කුරුල්ලන් මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගමන් මළු කිහිපයක රැගෙන ආ ලව්බර්ඩ් වර්ගයට අයත් කුරුල්ලන් 10 ක් සහ ගිරවු විශේෂයකට අයත් කුරුල්ලන් 17 දෙනෙක් සොයාගෙන තිබෙනවා.

කුඩා ප්ලාස්ටික් කූඩවල දමා කුරුල්ලන් රැගෙනවිත් ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ. සැකකරු කටුනේරිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සිංගප්පූරුවේ සිට මෙම කුරුල්ලන් රැගෙනවිත් තිබෙනවා. පසුව සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව කුරුල්ලන් ආපසු ප‍්‍රතිඅපනයනය කරන ලෙස නියෝග කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්