විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් හතර දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි එක් ලක්ෂ තිස් අට දහසක් සොයාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 69 ක්. සැකකරුවන් ඩුබායි සිට පැමිණි යානයකින් කටුනායකට පැමිණ තිබෙනවා. ඔවුන් කුලියාපිටිය සහ නාත්තණ්ඩිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්. සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.