පුරන් කුඹුරු අස්වැද්දීමට පෞද්ගලික අංශය ද මේ වන විට දායක වී තිබෙනවා. පුරන්ව පැවති කුඹුරු අක්කර තිහක් මේ අනුව අස්වැද්දිම ආරම්භ කෙරුණා. ඒ ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේ දීයි.
ජනාධිපති පරිසර සම්මාන පහක් දිනාගත් පෞද්ගලික ආයතනයක මූලිකත්වයෙන් වැඩපිළිවෙළ ආරම්භ කෙරුණු අතර රාජ්‍ය අංශය ද ඒ සදහා පූර්ණ මග පෙන්වීම සිදු කරනවා. වස විසෙන් තොර වී වගාවක් මෙහිදී සිදු කෙරෙන අතර එහි අස්වැන්න ද වගා කටයුතුවල නිරතවන ගොවීන්ටම ලබා දීම විශේෂත්වයක්. දේශීය සහල් දේශීය වී වර්ග මෙහි වගා කෙරෙනවා. වගාවට අවශ්‍ය සියලු දෑ පෞද්ගලික අංශයෙන් ලබා දීම ද විශේෂත්වයක්.