මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කර ඇත්තේ සවුදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගයකට අනුව බව ඇමරිකා සීඅයිඒ ආයතනය ප්‍රකාශ කළා.
ලැබී ඇති තොරතුරු අනුව ඝාතනය පිළිබද සාක්ෂි විද්‍යාත්මකව අධ්‍යයනය කළ බවයි සීඅයිඒ ආයතනය පවසන්නේ. කෙසේවෙතත් මෙය අසත්‍යයක් බව සවුදි අරාබිය පවසනවා. ඝාතන සැලසුම පිළිබද ඔටුන්න හිමි කුමරු දැන නොසිටි බවයි සවුදි අරාබි රජය පවසන්නේ.