ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් සිදුව ඇති විනාශය දැක බලා ගැනීම සදහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරීක්ෂණ චාරිකාවක නිරතවී සිටිනවා.
ඇමෙරිකා ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න මෙය බවයි වාර්තා වන්නේ. ලැව් ගින්නෙන් උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ පුද්ගලයින් 71 දෙනෙකු මිය ගොස් දහසකට වැඩි සංඛ්‍යාවක් අතුරුදන්ව සිටිනවා. මේ අතර ඉදිරි සතිය තුළදී දැඩි වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මෙවැනි තත්ත්වයක් දැකීම පවා ඉතා සෝචනීය බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මෙම ලැව් ගිනි තත්ත්වය සදහා වන රක්ෂණ නිලධාරීන් වගකිව යුතු බව ද ඔහු ප්‍රකාශ කළ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.