91 වියේදී උපාධිය ලැබූ ආච්චී…

[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/images-4.jpg”]

තායිලන්ත කාන්තාවක් 91හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙනවා. කිම්ලාන් ජිනාකුල් නැමැති මෙම කාන්තාව පවසන්නේ තමාට තරුණ වියේදී විශ්වවිද්‍යාලයකට යෑමට අවශ්‍යතාව තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණ බවයි.

ඇගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් උපාධි ලබාගනු දැක නැවතත් ඇයට ඒ සඳහා උවමනාවක් ඇතිවුණු බව ද දැඩි අධිෂ්ඨානය සහ කැපවීම හේතුවෙන් උපාධිය සම්පූරණ කැර ගැනීමට හැකියාව ලැබුණ බවද කිම්ලාන් පවසනවා.

ප්‍රථම වරට ඇය වයස 72දී උපාධිය සඳහා ලියාපදිංචි වී ඇතත් දියණියකගේ අභාවය හේතුවෙන් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී තිබෙනවා. නැවතත් ඇය උපාධිය සඳහා ලියාපදිංචි වී ඇත්තේ අසූපස් වන වියේදීය. ඇය උපාධිය සඳහා තෝරා ගෙන ඇත්තේ මානව පරිසර විද්‍යාව විෂයයි.

ඇගේ දරුවන් හතරදෙනකු විශේෂ උපාධි ලබා ඇති අතර එක් අයෙකු ආචාර්ය උපාධියකට හිමිකම් කියනවා. උපාධිය ලබාගත්තත් රැකියාවක යෙදීමට බලාපොරොත්තුවක් නොමැති බවත් දරුමුනුබුරන් සමඟ සතුටින් ජීවත් වන බවත් ඇය තවදුරටත් පවසනවා.

[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/image_b4e10d8f96.jpg”]

[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/image_aaa7cf9e37.jpg”]