අවුුරුදු 1000ක් පරණ භික්‍ෂු මමියක් හමුවෙයි…

නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්‍ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුවී තිබෙනවා.

සී.ටී.ස්කෑන් වාර්තාවලින් වෛද්‍යවරු පෙන්වා දී තිබෙන්නේ නිරෝගී අස්ථි කොටස් සහ මොළය යහපත් මට්ටමේ පවතින බවයි. උතුරුදිග චීනයේ හේබී ප‍්‍රාන්තයේ උවාන් හි ඩින්ගුයි විහාරයේ දී සිදුකළ පරීක්‍ෂණවලිනුයි ඒ බව සනාථ වී තිබෙන්නේ.

මාස්ටර් සී ෂියෑන් ලෙස එම භික්‍ෂුව හඳුන්වන අතර ගෞරවාන්විත භික්‍ෂුවක් ලෙස සැලකෙන සී ෂියෑන් භික්‍ෂුව ප‍්‍රාග් ඓතිහාසික ඉන්දියාවේ සිට පෞරාණික වටිනාකමක් ඇති චීනයට බුදුදහම ප‍්‍රචලිත කිරීමට සංචාරය කළ බව සඳහන් වෙනවා.

වෛද්‍යවරු පවසන්නේ වසර 1000ක් ගත වුව ද කශේරුකාව ඇතුළු සැකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම පවතින බවත් සම්පූර්ණ මොළය ද යහපත් තත්ත්වයෙන් තිබෙන බවයි.

[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/image_b3ad152848.jpg”]

[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/image_920a72e056.jpg”]