fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හික්කඩුවේ සංචාරක හෝටලයක හටගත් ගින්න පිලිබදව පොලිස් පරික්ෂණ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 11:30

හික්කඩුවේ සංචාරක හෝටලයක හටගත් ගින්න පිලිබදව පොලිස් පරික්ෂණ

හික්කඩුව නාරිගම ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක හටගත් ගින්න පිලිබදව පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. පිළිස්සුම් සහ කැපුම් තුවාල හේතුවෙන් සංචාරකයන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. අද (17) පෙරවරුවේ හටගත් ගින්නෙන් බේරීම සදහා ඔවුන් හෝටලයෙන් එළියට පැමිණීමට ජනේලයක වීදුරුවක් කඩාදමා තිබෙනවා. ඉන් සංචාරකයන් දෙදෙනාට තුවාල සිදුව ඇති බවයි හික්කඩුව පොලිසිය ප‍්‍රකාශ කළේ. ගින්නෙන් සංචාරක හෝටලයේ උඩුමහලට දැඩි අලාභහානි සිදුවුණා. ගින්නට හේතුව මෙතෙක් හෙළීවී නැහැ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්