fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුවේ විසඳන්න බැරිනම් ජනතාවට බලය ලබාදිය යුතුයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 10:55

පාර්ලිමේන්තුවේ විසඳන්න බැරිනම් ජනතාවට බලය ලබාදිය යුතුයි

දේශපාලන අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 225 දෙනාට නොහැකි නම් එය විසඳීමට ජනතාවට බලය ලබාදිය යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ඉන් කිසිවෙකුටත් ගැටලුවක් මතු නොවන බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි කණගාටුවක්. මෙවැනි තත්වයන්ට බියේ ආණ්ඩුව දමා නොයන බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒ කසාගල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැති පුණ්‍යෝත්සවයකට එක්වෙමින්.

නීත්‍යානුකූල ආකාරයට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් අග‍්‍රාමාත්‍ය ධුරය අත්හැර යාමට සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.

එභෙත් බලහත්කාරයෙන් අපහාසාත්මක ලෙස එය සිදුකරන්නේ නම් ගැටලුව විසඳා ගත නොහැකි බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ජනාධිපතිතුමාට ඇති බලතල වෙනත් අයෙකුට බලෙන් ලබාගැනීමේ හැකියාවක් නැහැ. පිහි රැගෙන සභාවට පැමිණි විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ට එරෙහිව කථානායකවරයා පියවරක් නොගත් බව ද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්