මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ලබන ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගැනීම ඔහුගේ අදහසවී තිබෙනවා.
විදේශ්‍රීය මාධ්‍යවේදීන් සමඟ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකර ඇතැයි බීබීසී සිංහල වෙබ්අඩවිය වාර්තා කළා.
ආර්ථිකය යථා තත්වයට පත්කිරීම සඳහා තම ආණ්ඩුවට මාස කිහිපයක කාලයක් අවශ්‍ය බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඉන් අනතුරුව ජනතාව හමුවට යාම සිය අභිලාෂය බවයි මන්තී‍්‍රවරයා පවසන්නේ.