රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී.
හතළිස් පස් හැවිරිදි සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිංගප්පුරු ගුවන් සේවයට අයත් යානයකින් ඔහු අලුයම 2.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ගමන් මල්ලේ සහ කලිසම් සාක්කුවල බහා තිබියදී අත්පලදනා 229 ක්, මාල 175 ක්, තැල්ල සහිත පළදින මාල 88 ක්, වළලු 16 ක් සහ පෙන්ඩන්ට් 6 ක් සොයාගත් බවයි ගුවන් තොටුපොළ පොලීසිය ප්‍රකාශ කළේ.
මෙරට ගුවන් තොටුපොළ ඉතිහාසයේ සිදුකර ඇති වැටලීම්වලදී අත්අඩංගුවට ගත් විශාලතම ස්වර්ණාභරණ තොගය මෙය බවත් පොලීසිය සඳහන් කළා.