fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දීප්-වීර් විවාහ වෙයි…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 13:03

දීප්-වීර් විවාහ වෙයි…

බොලිවුඩ්හි ආදරණීය පෙම් යුවළ වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඊයේ (15) හින්දු චාරිත්‍රානුකූලව විවාහ වුණා.

වසර හයක පෙම් පුවත ශක්තිමත් කරමින් ඔවුන් මෙසේ විවාහ දිවියට ඇතුළත් වුණා.

ඉතාලියේ මිලානෝ නුවර පිහිටි කෝමෝ විල ආසන්නයේ පිහිටි සුපිරි මන්දිරයක දී විවාහ වූ දීපිකා සහ රන්වීර් ගේ විවාහ මංගල්‍යය දකුණු හා උතුරු ඉන්දීය චාරිත්‍ර යටතේ පැවැත්වුණා.

නොවැම්බර් 14 හා 15 දෙදින තුළ රන්වීර් සිං හා දිපීකා පදුකෝන්ගේ විවාහ පැවැති දෙදින ඊට සහභාගී වූයේ ඔවුන් ගේ පවුලේ සමීපතමයන් සහ බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් , ෆාරා ඛාන් , ආදිත්‍ය චොප්රා සහ සංජේ ලීලා බන්සාලි පමණක් යැයි ‘ඉන්දීය ටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරනවා. ඔවුන් මේ යුවළට සිනමාවේ තරු වීමට අවස්ථාව උදා කර දුන් අය වීම නිසා මෙම ආරාධනය කර ඇති බවටද එහි සඳහන්ව තිබුණා.

හෙට එනම් නොවැම්බර් 17 වැනිදා තෙක් මිලානෝ නුවර සිටින නව යුවළ සිය පවුලේ අය වෙනුවෙන් යුරෝ 400 දෛනික කාමර ගාස්තු යටතේ කාමර 51ක් ද වෙන් කරවා ගෙන තිබෙනවා.

පසුගිය කාලයේ මොවුන් දෙදෙනාගේ විවාහය කල්ගත වන බවට ඉඟි පළ වුවද පසුව රන්වීර් හා දිපීකා විවාහය ඒ ආකාරයෙන්ම සිදුවුණා. මුම්බායි නුවරට පැමිණි පසු නව යුවළ එළඹෙන දෙසැම්බර් 28 වැනිදා බොලිවුඩ් සිනමාකරුවන්, ක්‍රීඩා තරු මෙන්ම දේශපාලනඥයන් 500කට අධික පිරිසක් සඳහා ප්‍රියසම්භාෂණයක් ද පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. පසුව පවුලේ නෑයින් සහ හිතවතුන් වෙනුවෙන් බැංගලෝර්යේ තවත් සාදයක් ද පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.

සංජේ ලීලා බන්සාලි විසින් 2013 දී අධ්‍යක්ෂණය කළ රාම් ලීලා චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ අවස්ථාවේදී ආදර සබදතා පටන්ගත් රන්වීර් – දිපීකා යුවළ ඉන්පසුව එම අධ්‍යක්ෂ විසින් නිර්මාණය කළ බජිරාඕ මස්තානි සහ පද්මාවත් යන සිනමා නිර්මාණවලින් නැවත එක්වූ අතර ඒවා සියල්ල බොක්ස් ඔෆීස් වාර්තා ⁣බිද හෙළිමට සමත්  ද සමත් වුණා.

ෆෝබ්ස් සඟරාව පවසන පරිදි රන්වීර් – දිපීකා යුවළ එක්ව පසුගිය වසරේ දී උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 21 ක්.

බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා රසික රසිකාවියන්ගේ නොමඳ ආදරයට ලක්ව සිටින මෙම යුවළට මේ දිනවල සුබපැතුම් ගලා එන බවයි සඳහන් වන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්