fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වගා හානියට පත් ගොවීන්ට බිත්තර වී සහනාධාර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 11:01

වගා හානියට පත් ගොවීන්ට බිත්තර වී සහනාධාර

2018 යළ කන්නයේ කීඩෑ උවදුර නිසා වගා හානියට පත් ගොවීන්ට බිත්තර වී සහනාධාර වශයෙන් මූදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක ජාතික ආහාර ප්‍රවර්ධන ව්‍යාපෘතිය ඒ සදහා එකඟතාව පළකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

කීඩා උවදුර හේතුවෙන් මෙවර යළ කන්නයේ පොළොන්නරුව සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික් කීපයක වී වගාවට දැඩි හානි සිදුවුණා. එම ප්‍රමාණය කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න බවටයි තොරතුරු ලැබී ඇත්තේ. වැඩිම හානියක් සිදුව තිබෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටයි. එම ප්‍රමාණය කුඹුරු අක්කර හතලිස් පන්දහසක් පමණ වනවා. මෙම ගොවීන්ට 2018 / 2019 මහ කන්නයේ බිත්තර වී සපයා ගැනීමේ අසීරුතාවකට මුහුණදී සිටිනවා. ඒ හේතුවෙනුයි බිත්තර වී සපයා ගැනීමට මුදල් සහනාධාර ලබාදීමට රජය තීරණයකර ඇත්තේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සදහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්