සවුදි අරාබි මාධ්‍යවේදී ජමාත් කෂෝජිගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් භෙලිදරව්වී තිබෙනවා. ඔහු ඝාතනය කිරීම සඳහා අණ ලබාදී ඇත්තේ සවුදි අරාබි බුද්ධි අංශ ප්‍රධානියෙකු බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ.
ඊට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ඍජු සම්බන්ධතාවක් නොමැති බවට ද තොරතුරු වාර්තා වෙනවා. කෂෝජිට අධික විෂ සහිත එන්නතක් ලබාදී ඇති බවයි මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.
ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.