fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඹ සුජිත් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 10:11

අඹ සුජිත් අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් විතාරන්දෙණිය පට්ටියපොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අඹ සුජිත්, ආනන්ද සහ ජගත් යන අනුවර්ත නාම වලින් හදුන්වන බවයි පොලීසිය පවසන්නේ.

ඔහු රන්න ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්. මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ සිරෙන් පැනයාම ඇතුලු චෝදනා ගණනාවක් සැකකරුට එල්ලවී තිබෙනවා.

ඔහු සතුව තිබී අපරාධ සඳහා යොදාගත් ගිනි අවියක්, උණ්ඩ පහක්, ජාතික හැදුනුම්පත් 6 ක් සහ රියදුරු බලපත‍්‍ර 5 ක් ද සොයාගැනීමට පොලීසිය සමත්වුණා. සැකකරු පෙරවරුවේ තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo