fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගජ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුල් වෙයි (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 09:24

ගජ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුල් වෙයි (VIDEO)

ගජ සුලිකුණාටුව හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පහත් බිම්වල සිටින පුද්ගලයින් හැත්ත හයදහස් දෙසිය අනූ දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

මෙම පුද්ගලයින් සදහා  සහන මධ්‍යස්ථාන තුන්සීයක්  පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ. ගජ සුළිකුණාටුව පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් හමායනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ. තමිල්නාඩු ප්‍රාන්තයට ‍අධික වැසි ඇතිවිය හැකි බවද ඉන්දීය කාලගුණ අංශ සදහන් කරනාවා.

මේ අතර තද සුළං වැසි සහ රළු මුහුදු ප‍්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගජ සුළිකුණාටුව ප‍්‍රබලවීමත් සමඟ උතුර, උතුරු මැද පළාත් සහ පුත්තලම හා ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් සඳහා තද වැසි සහ සුළං අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. යාපනය, පොළොන්නරුව, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ති‍්‍රක්කවල පැයට කිලෝමීටර සියය ඉක්මවන තද සුළං අපේක්ෂා කරන බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පවසනවා.

ති‍්‍රකුණාමලයේ සිට කන්කසන්තුරේ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා. නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ උතුරු කොටසේ සිටින ධීවරයන් සහ නාවුකයින් ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශ වෙත ගමන් කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්