පවතින දේශපාලන තත්ත්වය සමනය කිරිම සදහා හිටපු කථානායක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යෝජනාවක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි චමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නෙ. ඊට දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සහභාගි විය යුතු බවත් චමල් රාපජක්ෂ මහතා සදහන් කළා. මෙම සාකච්ඡාව දේශපාලන වාතාවරණය සමනය කිරිමට හොඳම විකල්පය බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නෙ.