ගමනාගමන මණ්ඩලයට අයත් ලාභ ලබන ඩිපෝ මගින් බස් රථ මිලදී ගැනීමට පියවර ගැණෙනවා. ඒ යටතේ මිලදී ගත් බස් රථ ඩිපෝ 4 ක් වෙත ලබාදීම අද (15) සිදුකෙරුණේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප්‍රාදේශීය ඩිපෝ 106 න් අසූපහක් පමණ ලාභ ලබනවා. එම මුදල් යොදවමින් නව බස් රථ මිලදී ගැනීම මේ වනවිටත් ආරම්භකර තිබෙනවා. හැටන් ඩිපෝව මගින් බස් රථ 12 ක් පසුගියදා මිලදී ගත්තා. පොළොන්නරුව, වෙන්නප්පුව, මහරගම සහ කුලියාපිටිය යන ඩිපෝ මගින් මිලදී ගත් බස් රථ 14 ක් එම ඩිපෝ වෙත භාරදීම ගමනා ගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී සිදුකෙරුණා. මෙම බස් රථවල මුලු වටිනාකම රුපියල් මිලියන 96 ක් පමණ වනවා. සාමාන්‍ය බස් රථ වලට අමතරව සුඛෝපභෝගී බස් රථ නවයක් මිලදී ගැනීමට එම ඩිපෝව කටයුතු කළා.