fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ අවසාන රැජිනගේ ආභරණයකට මිලියන ගණනින් ලංසු

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 10:28

ප්‍රංශයේ අවසාන රැජිනගේ ආභරණයකට මිලියන ගණනින් ලංසු

ප්‍රංශයේ අවසාන රැජින වන මේරි ඇන්ටොනෙට් රැජිනගේ ආභරණයක්  ඇමෙරිකා ඩොලර් මිලියන 36කට  ලංසු තබා තිබෙනවා.

රැජිනගේ පෞද්ගලික ආභරණ එකතුවෙන් එකක් වන මෙම පෙන්ඩනය දියමන්ති සහ මුතුවලින් නිමවන ලද්දක්.

එයට රැජින ඉතා ප්‍රිය කළ බව සදහන් වනවා. ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි වෙන්දේසියකට මෙම ආභරණය ඉදිරිපත් කර තිබෙනවා.

පෙන්ඩනය සදහා ලංසු තැබූ මිළ මුතු ආභරණයක් සදහා තැබූ ඉහළම ලංසුව ලෙසයි සැළකෙන්නේ.

මේ සමඟම ලංසු තැබූ නිමි ඇදුම් පළදනාව ඇමෙරිකා ඩොලර් මිලියන දෙකයි දශම එකකට අලෙවි වුණා.

මෙම වෙන්දේසියට රැජිනගේ පෞද්ගලික ආභරණ එකතුවේ ආභරණ රැසක් එක්කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo