fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව අසළ නොසන්සුන්තාව වාර්තා කරන්න විදෙස් මාධ්‍ය පොරකයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 16:46

පාර්ලිමේන්තුව අසළ නොසන්සුන්තාව වාර්තා කරන්න විදෙස් මාධ්‍ය පොරකයි

පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අතරවාරයේ පාර්ලිමේන්තු වටරවුම අවට ප්‍රදේශයට රැස් වූ විවිධ පිරිස් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ද ඇති වීමට ගිය අතර පොලීසියේ මැදිහත් වීමෙන් එය ව්‍යර්ථ කෙරුණා.

පාර්ලිමේන්තුව රැස් වී සිටි අවස්ථාවේදී හා එය අවසන් වූ පසුව ද පාර්ලිමේන්තු වටරවුම අවට ප්‍රදේශයට විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුලු එම කණ්ඩායමට සහාය දක්වන පිරිසක් මෙම ස්ථානයට රැස් වුණා. එමෙන්ම මාර්ගයේ අනෙක් පසට රැස් වූ එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් උද්ඝෝෂණයක නිරත වුණා.

ක්‍රමයෙන් මෙම දෙපිරිස මාර්ගය මැදට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසිය එය වැළැක්වීමට පියවර ගත්තා. එහිදී ගැටුම් ඇති වීම වැළැක්වීමටයි පොලීසිය ක්‍රියා කළේ.

පොලිස් කැරළි මර්දන ඒකකය ද යොදවා තිබුණා. මාර්ග බාධක යොදා තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ක්‍රියා කළා.

මෙම ස්ථානයට රැස් වූ ඇතැමුන් නොසන්සුන්කාරී අයුරින් හැසිරෙන අයුරු දැකගත හැකිවුණා. කෙසේ වුව ද මෙම ගැටුම් වාර්තා කිරීමට විදෙස් මාධ්‍ය ආයතනවල නියෝජිතයින් වැඩි වශයෙන් එක්ව සිටින අයුරු ද දක්නට ලැබුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 16:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්