ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ අරමුණෙන්.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම දේශීය මෙන්ම ගෝලීය වශයෙන් ද ආර්ථිකයට එල්ලකරන්නේ විශාල තර්ජනයක්. මෙම ගිවිසුමට එළඹීමෙන් එම තත්ත්වයන් වළක්වා ගනිමින් ඊට එරෙහිව නඩු පැවරීම සඳහා අවශ්‍ය බුද්ධිමය තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලබාගත හැකියි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ එච් කේ ජගත් චන්ද්‍රසිරි , මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ඩී එම් රූපසිංහ , මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති , ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.