fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති මධ්‍යම පරිසර අධිකාරියේ හදිසි නිරීක්‍ෂණයක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 18:01

ජනපති මධ්‍යම පරිසර අධිකාරියේ හදිසි නිරීක්‍ෂණයක

මධ්‍යම පරිසර අධිකාරිය වෙත අද (13) පෙරවරුවේ හදිස්සියේ පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළා.

මධ්‍යම පරිසර අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය සහ මූල්‍ය අංශයේ කටයුතු පිළිබද ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලුවා. පවතින දේශපාලන වාතාවරණය බාධාවක් කර නොගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සපුරා ගැනීම සදහා සැළසුම් සහගත ලෙස කටයුතු කරන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ඇතුළු සේවා පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවදානය යොමුවුණා. අනතුරුව ඉඩම් අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ද සොයා බැලුවා. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳ විමසා බැලූ ජනාධිපතිතුමා එහි කටයුතු විධිමත් සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළා. 2019 වසරේ ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සැළසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා  පෙන්වා දුන්නා. මහවැල් සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්