බංගලිදේශ මහ මැතිවරණය සතියකින් කල්දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 30 වනදා මැතිවරණය පැවැත්වීමටයි නියමිත. බංගලිදේශ ප්‍රධාන විපක්ෂ සන්ධානය මැතිවරණය මසකින් කල්දමන ලෙස ඉල්ලා සිටියා. ඒ ඡන්ද විමසීමට අදාල කටයුතු සුදානම් කිරිම සදහා. ඒ අනුව ලබන දෙසැම්බර් 23 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබූ මහ මැතිවරණය කල්දමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.