උගන්ඩාවේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් දස දෙනෙකු මිය ගියා.
උගන්ඩාවේ රකායි ප්‍රදේශයේ සෙන්ට් බර්නාඩ් ද්විතීක පාසලේ නේවාසිකාගාරයකයි මෙම ගින්න හට ගත්තේ. සිසුන් විසි දෙනෙකු බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන්ගේ තත්ත්වයද බරපතල බවයි වාර්තා වන්නේ. කිසියම් අයෙකු මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ. දරුවන් සිටින කාමරවල දොරවල් අගුල් දමා ඇති බවද පරීක්ෂණවලින් හෙලිව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියා ඇතුළු පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.