fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පැන් පානය කළ ඉන්දීය ගුවන් නියමුවාට සේවා තහනමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 12:10

මත්පැන් පානය කළ ඉන්දීය ගුවන් නියමුවාට සේවා තහනමක්

මත්පැන් පානය කළ බවට තහවුරු වූ ඉන්දීය ජ්‍යෙෂ්ට ගුවන් නියමුවෙකු වූ අර්වින්ද් කත්පාලියාගේ සේවය වසර තුනකට අත්හිටුවීමට එරට ගුවන් සේවා බලධාරින් තීරණය කළා. ඔහු ඉන්දීය ජාතික ගුවන් සේවය වූ එයාර් ඉන්දියා ගුවන් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

නවදිල්ලි නුවර සිට ලන්ඩන් දක්වා පසුගිය ඉරිදා පියසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයට වෙනත් නියමුවෙකු යෙදවීමට බලධාරීන්ට සිදුවුණා. ඒ ඔහු මත්පැන් පානය කර තිබූ බව හෙළිවීම හේතුවෙන්. මත්පැන් චෝදනාවක් මත පසුගිය වසරේදී ද මෙම ගුවන් නියමුවාගේ සේවය මාස තුනකට අත්හිටුවා තිබූ බවයි බලධාරින් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්