ඊශ්‍රායල ගුවන් හමුදාව හමාස් සංවිධානයේ රූපවාහිනි මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් ගොඩනැගිල්ල විනාශ වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.
එය පිහිටා තිබුණේ ගාසා තීරයේ ආරක්ෂිත ස්ථානයකයි. ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර කාර්ය මණ්ඩලය ගොඩනැගිල්ලෙන් ඉවත රැදී සිටීම හේතුවෙන් ඔවුන්ට ආරක්ෂාවීමට හැකිවූ බව පලස්තීනය ප්‍රකාශ කළා.