fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උ.කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 08:49

උ.කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හෙළිවෙයි

උතුරු කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා. ජංගම සහ සඟවා ඇති මධ්‍යස්ථාන 13ක් පමණ පැවතිය හැකි බවයි ඇමරිකා නීරික්ෂකයන් පවසන්නේ.

සිංගප්පූරු සමුළුවේදී ඇති කරගත් එකඟතාවට අනූව මධ්‍යස්ථාන විනාශ කිරිමට උතුරු කොරියා නායකයා තීරණය කළා. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක අවධානය යොමුව තිබෙනවා. ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව චන්ද්‍රිකා මඟින් ද තොරතුරු ලබාගන්නා බවයි නීරික්ෂකයන් පවසන්නේ. න්‍යෂ්ටික වැඩසටහන් සම්පූර්ණයෙන් නතර කරන තුරු උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකාව මීට පෙර ප‍්‍රකාශ කළා. ඒ අනූව දෙපාර්ශවය අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්