හුගක් දෙනා පුරුදු වෙලා ඉන්නෙ තමන්ට වඩා අනිත් කෙනාට තියෙන දේවල් හොයන්න. ඒවා ගැන කතාකරන්න. ඒ විතරක් නෙමෙයි ඒවා විවේචනය කරන්න. ඒ නිසා නාස්ති වෙන්නෙ තමන්ගෙ කාලය. මේ කටයුත්ත සිද්ධ වෙන්නෙ දුරකථනයක් පාවිච්චි කරමින් නම් එතකොට තමන්ගෙ මුදලුත් දන්නෙම නැතිව නාස්ති වෙලා යාවි. ඒ විතරක් නෙමෙයි මේ නිසා අහිමි වෙන්නෙ තමන්ගෙ දියුණුව වෙනුවෙන් කල්පනා කරන්න, සැලසුම් කරන්න, ක්‍රියාත්මක වෙන්න තමන්ට ඉතිරි කරගන්න තිබුණු කාලය සහ මුදල්. වැඩ වැඩියි, කාර්යබහුලයි, දවස අවිවේවිකීයි කියමින් මැසිවිලි නඟන අයටත් මේ කටයුත්තට නම් ඕනෑතරම් වෙලාව තියෙන බව තමයි අහන දකින දේවල්වලින් තහවුරු වෙන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/3C36151500000578-4128882-image-a-28_1484671873702.jpg”]
අනුන්ගෙ දේවල් ගැන හොයන පුරුද්ද ඉස්සර නම් වැඩිපුර ම තිබුණෙ ගම්වල. මේ වැඩේට පිරිමින්ට වැඩිය කාන්තාවන් අතිදක්ෂයින් බව තමයි සමාජයේ ප්‍රචලිත වෙලා තිබුණු මතය වුණේ. ඒකට හේතුව වුණේ ගමට තිබුණු පොදු ළිඳෙන් වතුර අරගෙන යන්නට එන යන කාන්තාවන් තමන්ගෙ අවශ්‍යතාව ඉටු කරගෙන ඉක්මණින් ගෙදර යනවා වෙනුවට එක් එක් කාන්තාවන්ගෙ ස්වාමිපුරුෂයින් ගැන, දරුවන් ගැන, පවුලේ අය ගැන, එහෙමත් නැත්නම් ශරීර ස්වභාවයන් ගැන තොරතුරු කතාවෙන්නට ළිඳ ළඟ හොඳම ඕපාදූප අඩවිය කරගැනීමයි. ඒත් දැන් දැන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැම දෙනාම අනුන්ගෙ දේවල් හාර අවුස්සන්න තමන්ගේ ජීවිතෙන් වැඩිපුර ම කාලය යොදවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒකට අපූරුවට තාක්ෂණයත් පාවිච්චි කරන්න දැන් හුඟක් දෙනා දක්ෂයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/gossip.jpg”]
සමාජ ජාලා වෙබ් අඩවි පාවිච්චි කරන අයගෙන් වැඩි පිරිසක් මේ විදියට ළිඳ ළඟ සංගමේ අරමුණු වෙනුවෙන් ඒ වෙත පිවිසෙන බව තමයි අලුත්ම වාර්තා සඳහන් කරන්නේ. අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන්නට එපා. හැම කෙනෙකුට ම ඔවුනොවුන්ට ආවේණික ජීවිත .තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. ඒවා ඔබට කොහෙත් ම අදාළ නැහැ. අනුන්ගෙ ඕපදූප හොයන්න මේ තරමට ම ඔබ උනන්දු වුණොත් දැනටමත් තියෙන සමහර ටී වී ප්රවෘත්ති වගේ, සමහර ටැබ්ලොයිඩ් පුවත්පත් වගේ ම හොඳම ඕපදූපවලින් තරු තෝරන තරගත් ඉදිරියෙදි මාධ්‍යවල තියෙන්න බැරි කමක් නෑ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/09f00661c891574cd085493135a7d095.jpg”]
විශේෂයෙන් ම කාන්තාවන් තමන්ගෙ මිතුරියන්ගේ ආදර සම්බන්ධතා, විවාහ ජීවිතයේ තොරතුරු, ඔවුන් කන බොන විදිය, අඳින පළඳින විදිය, යන එන ගමන් බිමන් ගැන හරිම සැලකිලිමත්. ඔවුන්ගේ ප්රශ්නවල දී ඒවා අනෙක් අයට කියමින් රස විඳින්නටත්, හිත යටින් තමන්ට එවැනි ප්‍රශ්න නොමැතිවීම ගැන උද්දාමයට පත්වන්නටත් බොහෝ කාන්තාවන් කැමති බවයි මේ සම්බන්ධව කළ පර්යේෂණවලින් හෙළි වෙලා තියෙන්නේ. කෙනෙකුට දුකක් කරදරයක් වුණාම ඒ ගැන සංවේදී වෙන්න. ඒ වෙනුවෙන් ඔබට හැකි උපකාරයක් කරන්න. ඒත් කෙනෙක් අපහසුවට පත්වෙලා, කරදරයකට ලක් වෙලා ඉන්න වෙලාවක දි ඒ තත්ත්වය දෙස උපහාසයෙන් බලන්න එපා. ඒ ගැන හිනාවෙන්න එපා. ඒවා හපන්කම් නොවෙයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/images-3.jpg”]
ඒ විතරක් නෙමෙයි තමන්ට නැති තමන්ගේ මිතුරියන්ට හෝ නෑදෑයන්ට තිබෙන යම් යම් සම්පත්, යාන වාහන, ගේ දොර, යහපත් ස්වාමි පුරුෂයන් සහ දරුවන් කෙරෙහි ඊර්ෂ්‍යාසහගතව කටයුතු කරන්නටත් කාන්තාවන් වැඩියෙන් පෙළඹෙන බව තමයි පර්යේෂකයන් සඳහන් කරන්නේ. පිරිමි තවත් පිරිමි සමඟ එකතු වූ විට එදිනෙදා දේවල් හෝ රටේ දේශපාලනික තොරතුරු, ක්‍රීඩා තොරතුරු, කාළගුණික තොරතුරු, ලිංගික ජීවිතය තොරතුරු හුවමාරු කරගන්නා අතර, කාන්තාවන් රූපලාවන්‍ය තොරතුරු සහ ගෘහ ජීවිතයේ තොරතුරු, අවිවාහක නම් දෙමව්පියන්, සොයුරු සොයුරියන් තමන්ගේ ජීවන රටාවට සම්බන්ධ වන ආකාරය ගැන තොරතුරු, විවාහක නම් සැමියා සහ දරුවන් ගැනත් ඔවුන් නිසා තමන් කරන කැපකිරීම්, අවිවේකී බව, ජීවිතය මඟ ඇරෙන ආකාරය ආදිය ගැන තොරතුරුත් වැඩි වශයෙන් හුවමාරු වන බවයි වාර්තා වෙන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/women-gossiping-new-660×330.jpg”]
ඉතින් මේ තොරතුරු සුහදශීලීව හුවමාරු කරගන්නා සමහරුන් අන්තිමට තමන්ට නැති අනික් අයට තියෙන වරප්‍රසාද, සැප සම්පත්, ධනය, බලය ආදිය ගැන ඊර්ෂ්‍යා කරන්නට පටන් ගන්නවා. සමහරු පවුල් කඩාකප්පල් කර දමන්නට පවා සැලසුම් සකස් කරනවා. මේ තත්ත්වය ඉතා ම භයානකයි. එවැනි මිතුරන් ඔබට ඉන්නවාද බලන්න. වහාම ඈත් කරන්න.
කොහොම වුණත් අනිත් අය අනුකරණය කරන පුරුද්ද වගේම තමන් අවට අය විවේචනය කරන පුරුද්ද වැඩිපුරම තියෙන්නෙ කාන්තාවන්ටලු. අප්සරා කොණ්ඩෙ ෆර්ම් කරල තියෙන විදියට ම මටත් කරගන්න ඕනේ. අල්ලපු ගෙදර ශාමා ආන්ටි ගෙනාපු ජාතියම කාර් එකක් අපිත් ගනිමු. ඒ ගොල්ලො ඒ හැටි හොඳ අය නෙමෙයි, ඊයේ පෙරේදා දියුණු වෙච්ච අය. එයාලගෙ අම්මලා ගෙවල් ගානෙ ගිහින් කුලී වැඩකරපු අය. තාත්ත රස්සාවට කළේ ගස් කපපු එක. පුතා බැන්දෙත් වෙන ජාතියක කෙල්ලෙක්.. මේ විදියෙ විවේචන සහ අනුකරණවලට ඔබත් හුරු වෙලා නම් වහාම ඈත් වෙන්න. ඔබේ කුහකබව නිසා ඔබ නැති කරගන්නේ ඔබේ ම ආත්ම විශ්වාසයයි. ඔබට ඔබ වෙනුවෙන් නැඟී සිටීමට ඇති ජයග්‍රාහී චින්තනයයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/Young-man-telling-gossips-to-his-woman-colleague-at-the-office.jpg”]
ස්මාර්ට් ලේඩි කෙනෙක් විදියට ලෝකයට එකතු වෙලා ඉන්න ඔබ ජීවිතය දෙස ජයග්‍රාහීව බලන සුබවාදීව සිතන, තමා තුළ තමා සංවර්ධනය වන්නටත් ඒ හරහා තමන්ගේ පවුල, සමාජය සහ මුලුමහත් ලෝකයම සංවර්ධනය කරන්නටත් ප්‍රබල දායකත්වයක් ශක්තියක් ලබාදිය හැකි කෙනෙක්. ඒ නිසා අනුන්ට හිනාවෙන්න, අනුන් විවේචනය කරන්න, අනුන් වගේ වෙන්න ඔබේ කාලය වැය කරන්න ඔබට අවශ්‍ය නැහැ. ඔබ තුළ සිටින යහපත් පෞරුෂයක් සහිත ශක්තිමත් ගැහැනිය අවදියෙන් ද බලන්න. ඇය ඇගේ කාලය වෙන්කරන්නේ පැහැදිලිව ම අර්ථවත් කටයුතු වෙනුවෙන් පමණයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/women-rejecting-man.jpg”]