fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 16:14

ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් සදහා ඇප මුදල් තැන්පත් කිරීම පිළිබද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දහවන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කළ යුතු මුදල රුපියල් දෙදහසක්. ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කය සදහා ස්වාධීන කණ්ඩායමක් රුපියල් හතලිස් හතර දහසක් තැන්පත් කළ යුතු බවයි ගැසට් නිවේදනයේ සදහන් වන්නේ. කොළඹ දිස්ති‍්‍රක්කයේ නාමයෝජනා පත‍්‍රයක අපේක්ෂකයන් විසි දෙදෙනෙකු ඇතුලත් වනවා. පිළිගත් දේශපාලන පක්ෂ ඇප මුදල් තැන්පත් කළ යුතු නැති බවත්, ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්