මේ වසරේ පළමු මාස නවය තුළ කොළඹ වරායේ ජය බහාලු පර්යන්තයේ ප්‍රති නැව්ගත බහාලු මෙහෙයුම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
මේ වසරේ පළමු මාස නවය තුළ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල 23.3% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනය කරන්නේ. එම කාලය තුළදී පර්යන්තය තුලදී මෙහෙයවනු ලැබූ ප්‍රතිනැව්ගත බහාලු ප්‍රමාණය හතලිස් දෙලක්ෂය ඉක්මවනවා. කොළඹ වරාය අන්තර් ජාතික වශයෙන් ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මකයි. ඊට අදාළව පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු සමග ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ මෙහෙයුම් යටතේ වරාය සංවර්ධනය වෙනුනේ තුන් අවුරුදු සැලසුමක්ද ක්‍රියාත්මකයි. කොළඹ වරාය ආසියාවේ කේන්ද්‍රීය වරාය බවට පත් කිරීම එහි අරමුණයි. මේ වසරේ පළමු මාස 06 තුළදී ලොව වැඩිම වර්ධන වේගයක් අත්කර ගත් වරාය බවට ද කොළඹ වරාය පත් වුණා.