fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවීගේ දියණියට 12 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 18:47

රවීගේ දියණියට 12 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ දියණිය වන ඔනෙලා කරුණානායක යන අයට ලබන 12 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා.

ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නමැති සමාගම සතු විමර්ශන සඳහා මෙතෙක් ලබාදී නොමැති ලේඛන ද රැගෙන එන ලෙසට එම සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබාදුන්නා. ඒ අනුව ලබන සඳුදා දින අධිකරණයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඔනෙලා කරුණානායකට නියෝග කළා. ඒ, මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අදාළ නඩුව මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේ දීයි. අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියත් තම සේවාදායකයාට ප්‍රකාශයක් ලබාදීමට නොහැකි වූ බව ඔනෙලා කරුණානායකගේ නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්නා. රවී කරුණානායක මහතාට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නමැති සමාගම සම්බන්ධයෙන් අධිකරණ නියෝග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 18:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්