ජාතික එල්ලේ ශූරතාවලියේ මූලික අදියරේ තරග දෙකක් කැළණිය සීවලී නවලෝක ක්රීඩා පිටියේදී පැවැත්වුණා.
හේනමුල්ල සූර්යා කණ්ඩායම හා සාලමුල්ල සිසිලියා කණ්ඩායම් අතර තරගාවලියේ මූලික අදිරයේ තරගයක් පැවැත්වුණා. එහිදී ලකුණු 11 ක් හේනමුල්ල සූර්යා කණ්ඩායම ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස සිසිලියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 05 ක් පමණයි. මේ අනුව තරගයෙන් පහසු ජයක් හේනමුල්ල සූර්යා කණ්ඩායම වාර්තා කළා. මෙම තරගයෙන් අනතුරුව මූලික අදිරයේ තවත් තරගයක් කෝට්ටගේ තරංගා කණ්ඩායම හා ජාඇල සික්ස්ටීන් බ්රදර්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ ලකුණු 14 ට 15 ක් ලෙස ජය වාර්තා කිරීමට සික්ස්ටීන් බ්රදර්ස් කණ්ඩායම සමත් වුණා. තරගාවලියට කණ්ඩායම් 178 ක් තරගවදිනවා. අවසන් මහා තරගය දෙසැම්බර් 16 වනදා කොළඹ සුගතදාස ක්රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.