අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද රාජ්‍ය මාධ්‍ය ආයතනවල කටයුතු සොයා බැලුවා.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ ස්වාධීන රූපවාහනියට පැමිණි අතර එහිදී ඒ මහතා පිළිගනු ලැබුවේ සභාපති සෝමරත්න දිසානායක සහ සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුනුයි. අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ද මෙම අවස්ථාවට එක් වුණා. ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා වත්මන් ප්‍රගතිය පිළිබදවද තොරතුරු සොයා බැලුවා. වෘත්තීය සමිති නියෝජිතයන් සමග ද ඒ මහතා විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඊට ආයතනය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති එක්ව සිටියා. මේ අතර අමාත්‍යවරයා ලේක්හවුස් ආයතනය, රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ද ගොස් එහි වත්මන් ප්‍රගතිය ද සොයා බැලුවා.