ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ උතුරුදිග ප්‍රදේශයට හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ගජ සුළිකුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකි බව ඉන්දිය කාලගුණ අංශ අනතුරු අගවනවා.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් වර්ධනය වී ඇති මෙම සුළිකුණාටුව පැයට කිලෝමීටර් 12ක වේගයෙන් හමාවිත් පැයට කිලෝමීටර් 80 සිට 90 දක්වා ඉහළ යාහැකි බවට ඉන්දීය කාලගුණ අංශ අනතුරු අගවනවා. එරට ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත්තේ අද සිට නොවැම්බර් 15 වනදා දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නියැලීමෙන් වළකින ලෙසයි. සියලුම දිස්ත්‍රික්කවල වෛද්‍ය කණ්ඩායම් මේ වන විටත් සූදානම් කර තිබෙන බව ඉන්දීය බලධාරීන් පවසනවා.