fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එප්පාවල අනතුරකින් හඳුන් දිවියෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 12:15

එප්පාවල අනතුරකින් හඳුන් දිවියෙකු මිය යයි

වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින හදුන් දිවියෙකු එප්පාවල ප්‍ර දේශයේ දී අනතුරකට ලක්වීමෙන් මිය ගොස් තිබෙනවා.

එප්පාවල, පොදු සුසාන භූමිය අසළ මාර්ගයේ දී වාහනයක ගැටීමෙන් මෙම හදුන් දිවියා මියයන්නට ඇති බවයි එප්පාවල පොලීසිය පවසන්නේ. අඩි තුනක  පමණ දිගින් යුතු මෙම දිවියා හොදින් වැඩුණු සත්වයෙක්. ඉතා දුර්ලභ ගනයේ සත්ව විශේෂයක්වන හඳුන් දිවියන් වදවී යාමේ තර්ජනයට මුහුණ දී සිටිනවා. කැලෑ එළි පෙහෙළි කිරිම හේතුවෙන් බොහෝ අවස්ථාවල සතුන් ආහාර සහ ජලය සොයා මෙසේ ජනාවාස ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙනවා.

මේ අතර වලපනේ යටිමාදුර ප්‍රදේශයේ දී මද්දකට හසුවූ කදුකර කොටියෙකු මුදා ගැනීමට කීර්තිබණ්ඩාරපුර අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ මධ්‍යම කලාප පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සමත්වුණා. කදුරක කොටියා මෙරටට අවේනික සත්වයෙකු ලෙසයි සැලකෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්