අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් වුණා.
පොලිස් ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට නාවික හමුදා රග්බි කණ්ඩායම ගෝල දිනුම් දෙකක් සමගින් ලකුණු 14 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වන විට පොලිස් රග්බි කණ්ඩායමට ලබා ගත හැකි වුනේ උත්සාහක දිනුම් දෙකක් සමගින් ලකුණු 10 ක් පමණයි. දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම උණුසුම් තරග රටාවක නිරත වුණා. තරගය නිමා වන විට පොලිස් රග්බි කණ්ඩායම ලකුණු 23 ක් ලබා සිටියා. මේ අනුව ලකුණු 24 ක් ලබා ගනිමින් නාවික හමුදා රග්බි කණ්ඩායම තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වුණා.
**