අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ තරුණයන් තිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරුපැදි 14 ක් ද පොලිස් භාරයට ගත් බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ජාලියගොඩ කැස්බෑව මාර්ගයේ ඔවුන් මෙලෙස අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කර තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණයන් අවුරුදු 19 ත් 30 ත් අතර වයස්වල පසුවන මොරටුමුල්ල, කැස්බෑව සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.