නවසීලන්තය සහ පකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරඟය අද පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ ඩුබායි හිදීයි.
නවසීලන්තය සමඟ 20-20 තරඟාවලිය තුනට බිංදුවක් ලෙස ජයගැනීමට පකිස්ථානය සමත්වුණා. වසර 7 කට පසුවයි නවසීලන්තයට එරෙහි 20-20 තරඟාවලියක් ජයගැනීමට පකිස්ථානය සමත්වුණේ. එක්දින තරඟාවලියේ කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයග්‍රහණය කර සිටිනවා. ඒ අනුව පකිස්ථාන කණ්ඩායම අද තරඟයට යහපත් මානසිකත්වයකින් පෙනීසිටිනු ඇති බවයි කි‍්‍රකට් වාර්තා පෙන්වාදෙන්නේ. දෙරට අතර තරඟාවලියට ටෙස්ට් තරඟ තුනක් ද ඇතුලත්.