රන් බිස්කට් සහ රන් කැබලි ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 60 ක ගුවන් තොටුපොළ කාර්යාල සේවකයෙකු බවයි රේගුව සඳහන් කළේ.
දුම්වැටි පැකට්ටුවක සඟවා ඒවා පිටකිරිමට උත්සාහ කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රන් බිස්කට් 6 ක් සහ රන් කැබලි 3 ක් ඒ අතර වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ. එහි බර ග්‍රෑම් 650 ක්. වටිනාකම රුපියල් ලක්ෂ හතළිස් දෙකකට වැඩි බව ගුවන් තොටුපොළ රේගුව සඳහන් කළා.