fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තාගෝර් දුටු සාජහාන්ගේ කඳුළු බිංදුව…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 08:30

තාගෝර් දුටු සාජහාන්ගේ කඳුළු බිංදුව…

ටඡ්මහල යන අරාබි වචනයේ අර්ථය වන්නේ මන්දිර අතර කිරුළ යන්නයි. ප්‍රේමය වෙනුවෙන් ඉදිවූ මේ සොහොන් ගැබ රවීන්ද්‍රනාත් තාගෝර් හැඳින්වූයේ කම්මුල මත රැඳුනු කඳුළු බිංදුව ලෙසයි.

සාජහාන් රජු සිය බිරිඳ එනම් මුම්ටාස්‌ මහල්ගේ මරණයෙන් හද කම්පාවට පත්ව ඇය වෙනුවෙන් මේ මන්දරය ඉදිකිරීමට පටන්ගත්තේ 1632 දීයි. උස්‌ටාබ් අහමඩ් ලහායුරි නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ මඟපෙන්වීම යටතේ විසිදහසක්‌ දෙනා මෙම මන්දිරය ඉදිකිරීම සඳහා දිවා රෑ වෙහෙස වී තිබෙනවා. මෙය ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසාන වූයේ 1653දී යි. ඒ කාලයේ දී මේ ආදර මාලිගාව වෙනුවෙන් වැය වූ මුදල ඒ වන විට රුපියල් මිලියන 32ක්.

මෙම මන්දිරය ඉදිකිරීමෙන් පසු සාජහාන් රජුගේ ආදරණීය බව  ගැන බොහෝ දෙනා අදටත් කතාකරනවා. එහෙත් මේ ටඡ්මහල සැබවින්ම ආදරණීය සොහොන් ගැබක්‌ද? ආදරණීය මන්දිරයක්‌ ද යන්න සැකයක්‌ මතුව තිබෙනවා.

සාජහාන් ප්‍රේමනීය පුද්ගලයෙක්‌ ද ප්‍රේම තක්‌කඩියෙක්‌ ද යන්න පැහැදිලි නැත. සාජහාන් රජු හත් වතාවක්‌ විවාහ වූ පුද්ගලයෙක්. මුම්ටාස්‌ මහල් ඔහුගේ සිව්වැනි බිරිඳයි. මුම්ටාස්‌ නම් වූ මේ ෂියා මුස්‌ලිම් කුමරිය විවාහ කරගැනීමේ අරමුණින් සාජහාන් ඇගේ සැමියාව මරාදමා තිබෙනවා. මේ ගැන බොහෝ දෙනෙක්‌ දන්නේ නැත. මුම්ටාස්‌ගේ මරණයෙන් පසුව සාජහාන් සිදුකළේ ජීවිතය පුරා අනගාරිකව විසීමද? නැත. ඔහු මුම්ටාස්‌ගේ සහෝදරිය විවාහ කර ගත්තේය. එයින් පසුව ද තවත් විවාහ කිහිපයක්‌ සිදුකරගත් බව සඳහන් වෙනවා.

සාජහාන් රජුගේ අවසන් කාලය සතුටුදායක වූයේ නම් නැත. ඔහුගෙන් පසු රජකමට පැමිණි අවුරන්සබේ සිය පියාව නිවාස අඩස්‌සියට පත් කළේය. 1628 සිට 1658 දක්‌වා මෝගල් අධිරාජ්‍යය පාලනය කළ සාජහාන් රජු මියගිය පසු රාජ්‍ය අවමඟුලක්‌ සිදු කෙරුණේ ද නැත. ඔහුව වළදමනු ලැබුවේ ටඡ්මහලේ පිහිටි මුම්ටාස්‌ මහල්ගේ සොහොනට අනෙක්‌ පසිනි.

ඇත්තෙන්ම ටඡ්මහල තනවනු ලැබුවේ මුම්ටාස්‌ මහල්ගේ සොහොන වෙනුවෙන් පමණි. නමුත් අවුරන්සබේ තවත් ස්‌මාරකයක් හෝ සොහොන්ගැබක් ඉදිකිරීමට උනන්දු වූයේ නැත. ඔහු සිය පියා පිළිබඳ වෛරයෙන් පසුවූ බව පැහැදිලියි.

එමෙන්ම මේ දර්ශනීය ටඡ්මහල තැනූ කලාකරුවන් 40 දෙනකුගේ අත් කපා දැමුවේ සාජහාන් රජුගේ අණ පරිදියි. එය සිදු කළේ ලොව අන්  කිසි තැනක මෙවන් නිර්මාණයක්‌ ඉදි නොවීම සඳහා යි. පුරා 42 වසරක්‌ ඉදි කෙරුණු මේ ස්‌මාරකයෙන් විහිදෙන්නේ ප්‍රේමය ද කෲරත්වය ද වංචාව ද? ඒ ගැන සිතීම ඔබට භාරයි. කවරක්‌ නමුත් මෙහි ප්‍රේමය පලාගොස්‌ ඇති බව නම් සහතිකයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්