ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්රිවරුන් කිහිපදෙනෙක් මේ වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබෙනවා.
ශ්රි ලංකා නිදහස් සංධානයේ හම්බන්තොට දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදි පොදුජන පෙරමුණට එක්ව කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර තිබෙනවා.
ඉදිරි මහ මැතිවරණයයේදි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කරන බවත් එයින් ජයග්රාහණය කරන බවත් මන්ත්රීවරයා ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා.
මේ අතර අනුරාධපුර දිස්ත්රික්කය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයට තරඟ කරනු ලැබූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ, හම්බන්තොට දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩි.වී. චානක සහ මාතර දිස්ත්රික්කය නියෝජනය කරමින් තරඟ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කාංචන විජේසේකරද ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන බව දන්වමින් සිය ට්විටර් ගිණුම් වල සටහන් තබා තිබෙනවා.
I am joining the @PodujanaParty effective immediately.
We will strive to create a broader coalition with many stakeholders under the leadership of @MaithripalaS & @PresRajapaksa to face the upcoming General Election and come out victorious. pic.twitter.com/UHl4MKWpp9
— Namal Rajapaksa (@RajapaksaNamal) November 10, 2018