සබරිමාලා කෝවිලට ඇතුළුවීම සදහා අවුරුදු දහයත් පනහත් අතර වයස් ඛාණ්ඩවල කාන්තාවන් 550 දෙනෙකු ඉල්ලීම් කර තිබෙනවා. ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ඒ සදහා ලියාපදිංචි වී ඇති බවයි කේරළ පොලිසිය පවසන්නෙ. සබරිමාලා කෝවිල මාස දෙකකට පසු ඉදිරි දිනකදී විවෘත කිරිමටයි නියමිත. පසුගිය දින කිහිපය තුළ තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වී ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළා.