fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාහිත්‍යයේ දැවැන්තයෙක් සමුගනියි..!

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 13:29

සාහිත්‍යයේ දැවැන්තයෙක් සමුගනියි..!

අන්තර්ජාතික කීර්තිය දිනූ කෙන්යානු ලේඛකයකු සහ නයිරෝබි විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයකු වූ ක්‍රිස් ලුක‍ෙරිටෝ වන්ජලා(CRIS LUKORITO WANJALA ) සිය ජීවිතයෙන් සමුගත්තා.

මියයන විට 75 වැනි වියේ පසු වූ හෙතෙම නවකතා කෙටිකථා රචකයකු මෙන්ම විචාරකයකු ලෙසද ඉහලම පිළිගැනීමට පත්‍රව සිටි විද්වතෙක්. ඔහු විසින් රචනා කරන්නට යෙදුනු ( මෙමරිස් වී ලොස්ට් ඇන්ඩ් අදර් ස්ටෝරීස් ) නමැති කෙටිකථා සංග්‍රහය කෙන්යාවේ නව සාහිත්‍ය පරපුර අතර ඉහළ පිළිගැනීමක්   හිමිකර ගැනීමට සමත් වුණා.

එය කෙන්යාවේ විෂය නිර්දේශ සංවර්ධනය ආයතනය විසින එරට ද්විතියක අධ්‍යාපන සහතික විභාගයටත් නිර්දේශ කර තිබීම විශේෂත්වයක්. ක්‍රිෂ් ලුකොරිටෝ මියයාමට පෙර ඔහු විසින් රචිත ස්වං චරිතා ප්‍රදානයක්ද ඉදිරියේ ප්‍රකාශයට පත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්