අද පස්වරුවේත් තද වැසි
Related Articles
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද (10) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගග පිටාර ගැලීමෙන් ත්‍රිකුණාමලයේ මුතූර් සිංහල මහා විද්‍යාලය ඇතුළු නිවාස සියයක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අවතැන් වි ඇති බවයි වාර්තා වන්නේ.
වැසිසහිත කාලගුණය හේතුවෙන් මැදවච්චිය මහාකුඹුගොල්ලෑව කිඩවරාන්කුලම් වැවේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. වාන් දොරටු පහක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. පහත්බිම් වල ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.