fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් අද සිට වසාදැමේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 11:15

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් අද සිට වසාදැමේ

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් අද (10) සිට තාවකාලිකව වසාදමන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. ඒ යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන්. ඒ අනුව කොළඹ පුත්තලම මාර්ගයේ සහ කොළඹ නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුලුවීම තාවකාලිකව නතර කරනවා.

කොළඹ සිට පැමිණෙන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ පුත්තලම සහ කොළඹ නුවර මාර්ග වලට පිටවීම ද අත්හිටුවන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. අලුතින් ඉදිකරන ලද විකල්ප මාර්ගය භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කරනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්