Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව විසුරුවයි; මහ මැතිවරණය ජනවාරි 5

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 00:06

පාර්ලිමේන්තුව විසුරුවයි; මහ මැතිවරණය ජනවාරි 5

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හරිනු ලැබුවා. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා අත්සන් තැබීමෙන් පසු රාත්‍රී 11.45 ට නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිවරයා ඒමගින් නියම කර තිබෙනවා. අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින කැඳවීමට සූදානම්.

නාමයෝජනා බාරගැනීමේ කාලය ලෙස 2018 නොවැම්බර් මස 19 සිට 26 වැනි දින සිට දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව භාරකාර රජයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. 2019 මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමය මතම පැවැත්වීමට නියමිතයි.

ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මෙහෙමයි

ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මෙහෙමයි

Posted by ITNnews on Friday, November 9, 2018

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 00:06
Write a comment

1 Comment

  1. Dhana නොවැම්බර් 10, 07:59

    At last the power is in the hands of the people, and Democracy is working

    Reply to this comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්