වසරේ මාස සහයක් පුරා ප්‍රේක්ෂකයන් බලා සිටි දමිළ නළු විජේගේ රසික රසිකාවන්ගේ පැතුම් මල්පල ගැන්වී තිබෙනවා. විජේ රඟන 2018 වසරේ එකම කොලිවුඩ් සිනමා පටය “sarkar” සිනමාපටය පසුගිය දීපවාලි දිනයේ දී එනම් නොවැම්බර් 2 රසිකයන්ට තිළිණ කෙරුණා.
අධූරදර්ශී, මුග්ධ දකුණු ඉන්දීය දේශපාලන සංස්කෘතියට එරෙහිව සිය ලේ කඳුළු දහදිය මුසු කරන සුන්දර් ඉන්දියාවට පැමිණීමට පෙර අමෙරිකාවේ පදිංචි සාර්ථක ව්‍යාපාරිකයෙකි. සුන්දර් අමෙරිකාවේ සිට ඉන්දියාවට පැමිණෙන්නේ ඡන්දය පැවැත්වෙන දිනයක ඡන්දය ප්‍රකාශ කිරීමටය. එහෙත් ඔහුට තම ඡන්දය වෙනකකු භාවිත කර ඇති බව දැන ගැනීමට ලැබෙයි. මෙයින් කුපිත වන ඔහු යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නැඟී සිටියි. ඔහු ඉන්දියාවේ දේශපාලනඥයන් දෙදෙනකුට එරෙහිව දේශපාලන සටනක් දියත් කරන්නේ තමිල්නාඩුවේ ධීවරයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙනි. ඔහු අහිංසක ජනතාවගේ නියෝජිතයා බවට පත්වේ.
සර්කාර්හි කීර්ති සුරේෂ්, වරලක්ෂ්මී සරත් කුමාර්, ප්‍රේම් කුමාර්, යෝගී බාබු, රාධා රවි ආදීහු රංගනයෙන් දායක වෙනවා. ජ්‍යෙෂ්ඨ නිළි තුල්සි ද මේ සිනමා පටයේ රඟන්නීය.
“sarkar“ තලපති විජේගේ 62 වැනි සිනමාපටයයි. සිනමා ට්‍රේලරය පමණක් පැය 4 මිනිත්තු 45ක් වැනි කෙටි කලක දී වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නරඔන ලද සිනමාපටය ලෙස ඉතිහාසගත වී ඇති අතර සිනමාපටය මේ වන විට බොක්ස් ඔෆීස් වාර්තා බිද දැමීමට සූදානම් බවටයි වාර්තා වන්නේ. “sarkar“ ඒ. ආර්. මුරුගදෝස්ගේ අධ්‍යක්ෂණයක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/VkkyaodksT4″]