fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අක්මාවෙන් බද්ධ වී සිටි භූතාන සොයුරියන් ඔස්ටේ‍්‍රලියාවේදී වෙන් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 12:00

අක්මාවෙන් බද්ධ වී සිටි භූතාන සොයුරියන් ඔස්ටේ‍්‍රලියාවේදී වෙන් කෙරේ

අක්මාවෙන් බද්ධ වී සිටි භූතාන ගැහැණු දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන් කිරිමට ඔස්ටේ‍්‍රලියා වෛද්‍යවරුන්ට අද හැකිවුණා. මාස 15ක් වයසැති දැරියන් දෙදෙනා මෙල්බර්න් රෝහලට රැගෙන ආවේ මීට මාසයකට පමණ පෙර. එභෙත් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය වර්ධනය වන තෙක් මාසයක කාලයකට සැත්කම ප‍්‍රමාද කිරිමට වෛද්‍යවරුන් පියවර ගත්තා. ඉන් පසුවයි වෛද්‍යවරුන් 18 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැය හයක ශල්‍යකර්මය අද සිදුකළේ. එය ඉතා සාර්ථක බව ශල්‍යකර්මයට එක්වූ ප‍්‍රධාන විශේෂඥ වෛද්‍ය ජෝ ක‍්‍රැමේරි ප‍්‍රකාශ කළා. දැරියන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඔස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා කරනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්