fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවීගේ දියණියට අධිකරණ නියෝගයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 16:17

රවීගේ දියණියට අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායක යන අයට නොවැම්බර් මස 12 දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා.

එහිදී ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නැමති සමාගම සතු විමර්ශන සදහා මෙතෙක් ලබා දී නොමැති ලේඛන ද රැගෙන එන ලෙසට එම සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ප්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ලබන සදුදා දින (12) අධිකරණයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණය ඔනෙලා කරුණානායක ට නියෝග කර තිබෙනවා.

ඒ 2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ බැදුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ට අදාල නඩුව අද මෝසමක් මගින් කැදවු අවස්ථාවේදීයි.

අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියත් තම සේවාදායකයාට ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වූ බව ඔනෙලා කරුණානායක ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

රවී කරුණානායක මහතාට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නැමති සමාගම සම්බන්ධයෙන් අධිකරණ නියෝග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර  නියෝග කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්