වව්නියාව මමුකන්ද පොලිස් වසමට අයත් සින්නමයිලන්කුලම් ප්රදේශයේ වෙල්යායක තිබූ වගා ළිඳකින් නරක් වූ මළ සිරුරක් ඊයේ (08) සවස හමු වූ බව මඩුකන්ද පොලිසිය පවසනවා.
සින්නමයිලනුකල්ම වැව් බැම්ම ආසන්නයේ වගා ළිඳක් ඇති අතර එම ළිඳ ආසන්නයෙන් ඊයේ සවස ගොවියෙකු ගමන් කරමින් සිටි අවස්ථාවේදී ළිඳ තුළ තිබු එම සිරුර දැක ඇති අතර අනතුරුව ඒ බව මඩුකන්ද පොලීසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව මඩුකන්ද පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩට ගෙන ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා වව්නියාව මහරෝහල වෙත යවා තිබුණා.
මළ සිරුර දින 5 ක පමණ කාලයක් ළිඳ තුල තිබීමෙන් බොහෝ සෙයින් නරක් වී තිබූ අතර මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් අදාල පුද්ගලයා අතුරුදහන්ව ඇති බවට පොලිස් පැමිණිල්ලක්ද කර තිබූ බව පොලිසිය පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ පී.ඩී. ලාල් ප්රිමයන්ත නැමති පුද්ගලයෙකු වන බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය විසින් හඳුනාගෙන තිබෙනවා.